සෑම ජාතියකටම එක සේ සලකන ජනපති ස්ථාවරය පිළිබඳ සතුටුයි! අපි ජනධිපතිතුමා හමුවෙනවා! – දෙමළ ජාතික සන්ධානය දණ ගසයි….

November 21, 2019 at 10:45 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් ළඟදීම ජනාධිපතිවරයා හමුවීමට තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් (19) පවසයි.

වවුනියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා හමුවීම සඳහා යන කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පක්‍ෂවල නියෝජිතයන්ද සහභාගි වන බවයි.

ජනාධිපතිවරයා මේ රටේ සියලූ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවට මෙන්ම සෑම ජාතියකටම සමාන ලෙස සලකන බවට ප‍්‍රකාශ කිරීම කෙරෙහි දැඩි සේ සතුටට පත්වන බව කී මන්ත‍්‍රීවරයා දෙමළ ජනතාවට ඇති ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා හමුවන බවද කියා සිටියේය.

දෙමළ සිරකරුවන්ගේ ප‍්‍රශ්නය මෙන්ම උතුර – නැගෙනහිර දෙමළ ජනතාව සඳහා කුමන හෝ දේශපාලන විසඳුමක් අවශ්‍ය බව කී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයා මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවන බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස