රනිල්ගේ රෑ කෑම සජිත් මංගල හරීන් ඇතුළු පිරිසක් වර්ජනය කරයි!

August 26, 2019 at 4:06 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රජයට වසර හතරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනකු වර්ජනය කර ඇත.

ඒ අනුව මංගල සමරවීර, හරින් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ සහ දිලිප් වෙදආරච්චි මෙම භෝජන සංග්‍රහයට සහභාගි වීමෙන් වැළකී සිටියහ.

මෙම රාත්‍රී භෝජනය ද ඇමති සජිත් ප්‍රේමදාස පිළිගැනීම සඳහා මාතර රැලිය පැවති දිනයම තෝරා ගැනීම විශේෂත්වයකි. කෙසේ වුවද මාතර ගිය සජිත් පිලේ බොහෝ දෙනෙකු රෑ කෑමට අරලියගහ මන්දිරේට පැමිණ තිබේ.

කෙසේ වුවද දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙම භෝජන සංග්‍රහය සඳහා පැමිණ තිබේ. මේ වන විටත් විපක්ෂය නියෝජනය කරන පසුගිය සමයේ විපක්ෂ නායක ධුරය ද හෙබ වූ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ ජය පානෝත්සවය සඳහා පැමිණීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස