TNA පටු වාසි වෙනුවෙන් දෙමළ ජාතිය පාවදුන්නා! ඔවුන් කිව්වාට අපි සජිත්ට සහාය දෙන්නේ නෑ! – යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය

November 10, 2019 at 10:19 pm | by emanisa.lk

ජනාධිපතිවර‍ණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්නට දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ෂේප කරන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.

යාපනය විශ්ව විද්‍යලීය ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පවසා ඇත්තේ තම ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය වෙනුවෙන් කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු කැමැත්ත පළ කොට නොමැති බැවින් තම ශිෂ්‍ය සංගමය කිසිදු ජනාධිපති අපේක්ෂයෙකු වෙනුවෙන් සහයෝගය නොදැක්වීමට තීරණය කොට ඇති බවය.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය, විශ්ව විද්‍යාල සිසුන්, උතුරේ අනෙකුත් දේශපාලන පක්ෂ හා උතුරේ අහිංසක ජනතාව රවටමින් දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස වෙත ඡන්දය ලබාදීමට එකඟ වී ඇති බව විශ්වවිද්‍යාලීය කලා පීඨයේ ශිෂ්‍ය සංග‍මයේ නියෝජිතයන් පවසයි.

දෙමළ ජාතික සන්ධානය පටු දේශපාලන වාසි වෙනුවෙන් දෙමළ ජනතාව පාවා දෙමින් කටයුතු කරමින් සිටින බව යාපනය විශ්වවිද්‍යාල‍යේ කලා පීඨයේ සභාපති ආර්. ගිරිදරන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස