2015 වගේ දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හංසයාට කතිරේ ගහයි කියලා නම් හිතන්න එපා! – ශිවාජිලිංගම්

November 8, 2019 at 12:33 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තුන් වරක් සහයේගය ලබා දුන්න ද දෙමළ ජනතාව ලැබූ කිසිවක් නැති බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

ආණ්ඩුව ආරක්ෂා කිරීම මගින් දෙමළ ජාතික සන්ධාන නායකයන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලැබුවා විය හැකි වුවද ඔවුන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිවක් නොකළ බවට ඔහු චෝදනා කරයි. තමාට ජයග්‍රහණය කළ නොහැකි වුවද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඒ නිසා බව හෙතෙම පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේ දී 2015 මෙන් ලක්ෂ ගණනින් හංසයාට ඡන්දය ලැබෙනු ඇතැයි නොසිතිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දුන් පමණින් උතුරේ ජනතාව සජිත් ප්‍රේමදාසට සහය ලබා දෙනු ඇතැයි සිතිය යුතු නැති බවත් ඔහු අවධාරණය කරයි. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධාන ඡන්ද පදනම 37% දක්වා නාය ගිය බව ද ඔහු සිහිපත් කරයි.

ගෝඨාභය රාජපක්ෂ යුද්ධයෙන් විශාල ජීවිත පිරිසක් අහිමි කළ නිසා සජිත් ප්‍රේමදාස තමාට දෙමළ ජනතාව ඡන්දය ලබා දිය යුතු යැයි සිතන අතර යුද්ධය කළේ සරත් ෆොන්සේකා යැයි පවසන බව ද ශිවාජිලිංගම් ප්‍රකාශ කළේය.

ඊයේ (07) පස්වරුවේ හැටන් ප්‍රදේශයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් සිවාජලින්ගම් මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස