දෙමළ ජාතික සන්ධානය ගෝඨාගේ ජාතික ආණ්ඩුවට!

November 19, 2019 at 8:39 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ සමග ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ දෙමළ ජාතික සන්ධාන නායකයන් සාකච්ඡා කර ඇති අතර පාර්ලිමේන්තුව විසුරු වීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන එළඹෙන පෙබරවාරිය තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට සහාය ලබා දීමට එහිදී එකඟ වී ඇත.

සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමග දෙමළ සන්ධානයේ බෙදුම්වාදී වැඩපිළිවෙළට මෙතෙක් හිමි වූ රාජ්‍ය සහය අහිමි වී ඇති අතර එය නැවත වක්‍රාකාරයෙන් සිය අතට ගෙන බෙදුම්වාදයට එරෙහි උතුරු නැඟෙනහිර බලවේග මර්දනය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

මෙම වැඩපිළිවෙළ පසුගිය සමයේ රාජ්‍ය බලය අතට ගත් දෙමළ සන්ධානයේ දැඩි බලපෑම් මත ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උතුරු නැඟෙනහිර මැතිවරණ කටයුතු මෙහෙය වූ දෙමළ නායකයන් වෙත අනාවරණය වී ඇති අතර ඔවුන් ඒ සඳහා සිය විරෝධය පළ කර තිබේ.

කෙසේ වුවද දෙමළ සන්ධානය මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පොදුජන පෙරමුණ සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස