රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දුන්නේ 19යි! රට ගෝත්‍රික යුගයට අරන් යන 20 එපා! – අමරපුර සහ රාමාඤ්ඤ නිකාය..

October 12, 2020 at 5:07 pm | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නො කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර අවසන්වූ මාධ්‍ය හමුවේදීය.

මේ ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. ඒ සඳහා අමරපුර නිකායේ ලේඛකාධිකාරී පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමි සහ රාමාඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන අනුනාහිමි අත්සන් කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස