20 නිසා රාජ්‍ය ආයතන විගණනය නොවන කතාව බොරුවක්!

September 30, 2020 at 11:33 am | by emanisa.lk

20 වැනි සංශෝධනය නිසා රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විගණනය නොවන බවට සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ආචාර්ය උදයශ්‍රී කාරියවසම් සඳහන් කරයි.

එමගින් සිදු වන්නේ ආයතන කොටස් ප්‍රාග්ධනයෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජයට, පළාත් පාලන ආයතනවලට, රාජ්‍ය සංස්ථාවලට හෝ රාජ්‍ය ආයතනවලට හිමි ආයතනවල විගණනය 19 සංශෝධනයට පෙර තිබූ තත්වයට පත්වීම බව ද ඔහු පෙන්වා දෙයි.

එනම් එම ආයතනවල විගණනය විගණකාධිපතිගේ වගකීමට යටත් නොවීමයි. එහෙත් එම ආයතන සමාගම් පනත යටතේ විගණනය වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ නිසා ඒ ආයතන විගණනය නොවන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍යක් බවට සභාපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස