19 අහෝසි කිරීම ශිෂ්ටාචාරය මිලේච්ඡත්වය කරා ආපසු හැරවීමක්! – යහපාලන ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

August 29, 2020 at 11:50 am | by emanisa.lk

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය ගෙන යාමක් බවට පත් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19න් අතරින් 17ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහායි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත්වලට බලය බෙදුවා. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු බලය අතහැරියා විතරයක් නෙවෙයි, අධිකරණය, පාර්ලිමේන්තුව හා විධායක අතර තුලන හා සංවරණ ක්‍රමයක් ඇති කළා.

බලය ගොණු කර ගන්නා මිලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ටත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. 19 වන සංශෝධනය අහෝසි කරන්නට කථා කරන උදවිය ලංකා දේශපාලන ශිෂ්ඨාචාරය ශිෂ්ටත්වයෙන්, මිලේච්චත්වය කරා ගෙන යන්නට උත්සහ කරන බලලෝභීන් පිරිසක් ලෙස ඉතිහාසයට එක්වනු වෙනවා.

රාජගිරියේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ රැස්වීමේ දී අදහස් දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන් මෙසේද පැවසීය.

“13 වන සංශෝධනය තුලින් බලය බෙදුවා. හැබැයි අද පළාත් සභාවක් නෑ. ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටළුවක් ඉස්සරහට දාලා පළාත් සභා අක්‍රීය කර තිබෙනවා. කොමිෂන් සභා නිසා ලංකාවේ දේශපාලනය දේශපාලනඥයින්ගෙන් මිදිලා ශිෂ්ටත්වයේ මාර්ගයට පැමිණියා.

18 වන සංශෝධනයට අත උස්සපු, බලලෝභී දේශපාලනඥයින් අද 19 අහෝසි කරලා ලංකාවේ දේශපාලනය ශිෂ්ටත්වයෙන්, ම්ලේච්ඡත්වය කරා දක්කන්න හදනවා.

අද වසර 4 ½ ක් යන තුරු මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් විසිරුවා හරින්නට බෑ. 2015 වසර දක්වාම මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් වසරක් යන තුරු විසිරුවා හරින්න බෑ කියලා නියමයක් තිබුණා. අද ජනාධිපතිට කැමති වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය දෙන්න අධිකරණ ඇමති අලි ෂබ්රි ව්‍යවස්ථා හදනවා. අගමැති මහින්ද ගේ ආණ්ඩුව කැමති වෙළාවකට විසරුවාහරින්න ජනාධිපති ගෝඨාභයට බලය දෙන්න හදනවා. මේක අශිෂ්ට වැඩක්. දේශපාලන නරුමකමක්.

මහාචාර්ය ජී.එල්. පීරිස් 19 වන සංශෝධනය පතුරු ගහනවා දැක්කා. ජී.එල්. වගේ ශ්‍රාස්ත්‍රීය වංකයෙකුගෙන් එයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. 19 අහෝසි කිරීමේ උත්සාහය පරාජය කිරීමට විද්වතුන්, වෘත්තිකයින් පෙළ ගැසිය යුතු යි.

ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා කියලා කියනවා. ඇත්තටම ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකතුවුණාම තියෙන්නේ ආසන 150 යි. කථානායක ඉවත්වුණාම තියෙන්නේ ආසන 149 යි. මේ පාර්ලිමේන්තුවේ දැනට දිවුරුම්දීලා ඉන්නේ 223 යි. ඉතින් කොහෙද ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන්නේ? රටට ශක්තිමත්, ක්‍රියාශීලි විපක්ෂයක් අවශ්‍යයි. විද්වතුන්ගේ දායකත්වය නැතිව එවැන්නක් අති වන්නේ නෑ.

අද රටේ මතයක් තියෙනවා, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ දොර අරින්න 19 අහෝසි කරන්න හදනවා කියලා. ඊලඟ ආණ්ඩුවක අගමැති කරන්න ඔහු පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ලිහා ගැනීමට වැඩි දෙයක් 19 අහෝසි කිරීම තුල තිබෙනවා.

මේ රටේ දේශපාලනයට ශිෂ්ඨත්වය ගෙනාපු ‘කොමිෂන් සභා අහෝසි කිරීමේ පාපකර්මයට අත ගහන්න එපා කියලා මේ රටේ උගත්තුන්ට, වියතුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස