20 ගැන තීන්දුවක් ගන්නවා! ජනතාව ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක්! පැලැස්තරවලට ඉඩදෙන්න බෑ! – විදුර

October 10, 2020 at 8:00 am | by emanisa.lk

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘද සාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි.

20 වන සංශෝධනය මගින් සිදුවන්නේ 18 වන සංශෝධනය පැවැති තැනට ආපසු යන්න නම් එය සිදු නොවිය යුත්තක් බව ද ඔහු පැවසීය.

ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයේ ඇතැම් වගන්ති හොඳ ඒවා බවත් ඇතැම් වගන්ති නරක බවත් පැවසූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ඒ සඳහා වන ඡන්ද විමසීමේ දී  තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් තීන්දු ගන්නේ තම පවුලේ හෝ වෙන කිසිවකුගේ වුවමනා මත නොව ව්‍යවස්ථාව මත යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

මෙරට ජනතාව ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් මිස පැලැස්තර නොවන බවත් පැලැස්තරවලට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් හෙතෙම පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස