20 නිසා සමගි බලේ පිපිරීම වළකන සැලසුමක්! සජිත් පිල ගෙඩිය පිටින් 20ට පක්ෂ වෙන්න සූදානම්?

October 4, 2020 at 8:36 am | by emanisa.lk

සමගි ජන බලවේගය යටතේ තේරී පත් වූ මන්ත්‍රීවරු 54 දෙනාගෙන් පිරිසක් 20 වෙනි සංශෝධනය සඳහා සහාය දීමට තීන්දු කර ඇතැයි වාර්තා වන පසුබිමක එම පක්ෂයේ ප්‍රබලයන් කලබල වී ඇතැයි වාර්තා වෙයි.

20 වෙනි සංශෝධනය නිසා විපක්ෂය දෙකඩ වීම සිය ඉදිරි ගමන් මග සඳහා ඉතා ම අහිතකර බව ඔවුන්ගේ මතය වී තිබේ.

ඒ නිසා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමස්ත සමගි ජනබලවේගය ම ඡන්දය ලබා දීමේ විකල්පය පිළිබඳ ඔවුන් අතර සාකච්ඡා කර තිබේ.

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය එම විකල්පය තෝරාගතහොත් 20ට එරෙහිව ඡන්දය ලබා දෙනු ඇත්තේ දෙමළ සන්ධානය සහ ජාතික ජන බලවේගය පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *