20 අඩුපාඩු කී පොහොට්ටුවේ මන්ත්‍රීට ඉහළින් අවවාද!

September 11, 2020 at 6:13 pm | by emanisa.lk

විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වේ.

ඒ පිළිබද අවවාද කරමින් එම මන්තී‍්‍රවරයාට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් විසින් ලිපියක්ද යවා ඇති බවද වාර්තාවේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තියේ ඇති රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් මෙම මන්තී‍්‍රවරයා ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කර ඇතැයි සඳහන්ය.

ඊට සංශෝධන ගෙන ආ යුතු බවට ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛනවල ඇති අඩුපාඩු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස