19 වැරදුණේ කොතනද බලන්න! 20ට ආඩපාලි කියල ඉතිරි ඡන්ද ටිකත් නැති කරගන්න එපා! – විපක්ෂයට නිර්මාලගෙන් අවවාදයක්…

September 5, 2020 at 1:34 pm | by emanisa.lk

19 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි අය කළ යුත්තේ 20ට ආඩපාලි කීම නොව 19 අසාර්ථක වූයේ මන්දැයි සොයා බැලීම බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“19 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින පිරිස් කළ යුත්තේ 20 වන සංශෝධනයට ආඩපාලි කීම නොව 19 වන සංශෝධනය අසාර්ථක වූයේ මන්ද යන්න සොයා බැලීමයි.

එසේ නොකර 20 වන සංශෝධනයට විරුද්ධව කරන කෑ ගැසීම් තව දුරටත් ඒ අය මහ ජනයාගෙන් දුරස් කරයි. 20 වන සංශෝධනය යනු 19 වන සංශෝධනය පසුපස පැවැති අදහස්හී වැදගත්කම මහ ජනයාට ඒත්තු ගැන්වීමට ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිස්හී අසමත් වීමේ මෙන්ම, එම අදහස් 2015 ජනවාරි 8 බලයට පත් වූ පිරිස තම සීමිත පටු අභිලාෂ උදෙසා අවභාවිත කිරීමේ ද තාර්කික ප්‍රතිඵලයකි.

ඒ නිසා 19 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින පිරිස් එහි අවසානය වෙනුවෙන් දොස් නඟාගත යුත්තේ 20 වන සංශෝධනයේ නිර්මාපකයින්ට නොව තමන්ටමයි.

20 වන සංශෝධනය යනු ලංකාවේ ජනප්‍රිය දේශපාලන විඥානයක ප්‍රකාශයට පත් වීමකි. එය නිසි පරිදි තේරුම් ගන්නේ නැතිව ඊට ගල් ගැසීම කිසිම තේරුමක් ඇති දෙයක් නොවේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව