20 වෙනි සංශෝධනේ ගේන්නේ මෛත්‍රීලා 19න් ඇති කළ අවුල ලිහන්න මිස එයාට තනතුරු දෙන්න නෙමෙයි! – ප්‍රසන්න

August 25, 2020 at 6:32 pm | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පත්කළ අවුල ලිහා ගැනීම සඳහා මිස ඔවුන්ට අලුත් තනතුරු ලබාදීමට නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඊයේ වත්තල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතා ගෙන ආ සංශෝධනයක් නොවන බවත්, එය ගෙන ආවේ අන්තවාදී දේශපාලන පක්ෂවල වුවමනාවට අනුව බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

එනිසා එම සංශෝධනය අනිවාර්යෙන් වෙනස් කළයුතු බව පවසන ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනය ගෙන එන්නේ ඒ සඳහා බවයි.

20 වැනි සංශෝධනය හරහා එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි නව තනතුරු නිර්මාණය කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව ද ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්ෂවලට පොරොන්දු වූ තනතුරු සියල්ල ලබා දි ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට තවත් දීමට කිසිදු තනතුරක් නොමැති බවත් ඔහු පවසයි. ඒ සම්බන්ධයෙන් එකඟතාවක් තබා සාකච්ඡාවක් හෝ සිදුකර නොමැති බව ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපති මත්‍රෛීපාල සරිසේන සමග කළ සාකච්ඡාවකදී උප අගමැති තනතුර ස්බන්න්ධව කථිකාවතක් ඇති වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ විසින් එම යෝජනාව කළ බවටත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස