19 වෙනි සංශෝධනය රට ඉදිරියට ගෙන යන්න බාධාවක්! ඒ නිසා තාවකාලික පැලැස්තරයක් වන 19 අහෝසි කළ යුතුයි! – සුමන්දිරන්

June 17, 2020 at 9:42 pm | by emanisa.lk

තාවකාලිකව බලාත්මක කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දිගටම රටේ නීතියක් විය යුතු නැතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

“2015 අලුත් ආණ්ඩුවක් හදලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවට මතයක් තිබුණා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ එහි පළමු පියවර ලෙසයි.

එය තාවකාලික සංශෝධනයක් මිස දිගටම රටේ නීතියක් විය යුතු ප්‍රතිපාදනයක් නෙමෙයි. ඒ නිසා 19 වෙනි සංශෝධනය ඉවත් කළ යුතුයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟත්වයක් නැත්නම් රට ඉදිරියට ගෙන යාමේ දී ගැටලු ඇති වෙන්න පුළුවන්. 19 වෙනි සංශෝධනය ඉවත් කළ යුතු ඒ නිසායි.

අපට වැදගත් වන්නේ 19 වෙනි සංශෝධනය ඉවත් කරලා මොන දිශාවටද ගමන් කරන්නේ කියන එකයි.”

වව්නියාවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස