20 අධ්‍යයනයට අගමැතිගෙන් නව පුද්ගල කමිටුවක්! දින දෙකකින් වාර්තාව අගමැති අතට!

September 13, 2020 at 12:30 pm | by emanisa.lk

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පියවර ගෙන තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව දෙනෙකුගෙන් යුත් අදාළ කමිටුවේ සභාපතීත්වය හිමිව ඇත්තේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්ටය.

උදය ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, එස්. විලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සී. දොලවත්ත මෙම කමිටුවට පත්කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදීමට නියමිතව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස