20 ගේන්නේ පවුලක් රජකරවන්න! ඊට එරෙහිව ජනතාව පෙළ ගස්සනවා! – ලාල්කාන්ත

September 10, 2020 at 2:37 pm | by emanisa.lk

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එකම අරමුණ ජනතාවත්, ජනතාවගේ දේපළත් කොල්ලකමින් තනි පවුලකට රජ සැප විඳීම බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පාලකයන්ගේ දේපළ ආරක්ෂා කරගන්නත්, තවත් දේපළ එකතු කරගැනීමටත් ජනතාවගේ ශ්‍රමය, ඉඩකඩම්, දේපළ , ගංගා, ඇළදොළ සිට පරිසර පද්ධතියම සූරාකමින් පෙර සිටි රජ්ජුරුවන්ගේ භූමිකාව ඉටුකිරීමේ සූදානමක් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිව ඔප්පු කරන බව ලාල්කාන්ත පැවැසීය.

එහි නව පියවර ලෙස අලුත් වචනවලින් ගතහොත් රටේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුනේ බලය තනි පුද්ගලයකු අතට පත්කර ගැනීමෙන් ඒකාධිපති පාලනයක් ස්ථාපිත කරගත හැකි බවත් ඊට එරෙහිව මහජනයා පෙළගැස්වීමේ වගකීම වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයක වගකීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ ආශීර්වාදයෙන් පත් ආණ්ඩුවම ජනතා විරෝධී කටයුත්තක නියැළෙනවා නම් ඒ ජනතා ආශීර්වාදයෙන්ම එය පරාජය කරවීම රට වෙනුවෙන් කරන යුතුකම් ඉටුකිරීමක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස