20 ලිව්වේ ඇමරිකාව ද කියල අපට සැකයි! – ජවිපෙ

September 24, 2020 at 6:02 pm | by emanisa.lk

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ද යන සැකය පවා මේ වනවිට මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික බිමල් රත්නායක පවසයි.

“අන්තිමට 20 ලිව්වෙ එකසත් ජනපද තානාපති කාර්යාලයෙන්ද කියන සැකය පවා දැන් මතුවෙලා තියෙනවා.

20 ඉදිරිපත් කරපු වෙලාවෙ ආණ්ඩුවෙ තිබිච්ච මහා බලගතු එඩිතරභාවය 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට ඒකට විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා ආණ්ඩුව ඇතුළෙ.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්න ඕනෙ ඔහු තමා මේක ලිව්වෙ, නැත්නම් ඔහු මේක ඇමරිකාව හෝ කවුරු ලවා ලියෙව්වාය කියලා.

නැත්නම් අගමැතිතුමා කියන්න ඕනෙ ඔහු මේක ලිව්වා කියලා. අවසානයේ ඒක අවජාතක දරුවෙක් වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස