20 න් ජනාධිපති බලවත් කිරීමට අපි විරුද්ධයි! – සුමන්දිරන්

September 6, 2020 at 7:52 am | by emanisa.lk

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට  ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභාවලට සහ ව්‍යවස්ථාදායක සභාව සතුව මෙතෙක් පැවැති බලතල ජනාධිපතිවරයා වෙත පැවරීමට පියවර ගන්නේ නම් තමන් එයට විරුද්ධ යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්  ප්‍රකාශ කරයි.

19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීමට කටයුතු කළේ එමගින් එක් පුද්ගලයකු වටා අනවශ්‍ය බලයක් කේන්ද්‍රගතවීම වැළැක්වීමේ අරමුණින් බවද, 20 වැනි සංශෝධනය මගින් එම බලය යළි ජනාධිපතිවරයාට ලබා දීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් විරුද්ධවන බවද ඔහු ප්‍රකාශ කළේය.

නව සංශෝධනයට ඇතුළත් වගන්ති සම්බන්ධයෙන් තමන්ට තවම අවබෝධයක් නොමැති බවත් කොමිෂන් සභා ඉවත් කිරීමට සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකිවන පරිදි එම සංශෝධනය සිදු කෙරෙනවා නම් තමන් එයටද විරැද්ධත්වය පළ කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස