17 සහ 19 ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ රනිල් ශක්තිමත් කරන්න! – මහින්දානන්ද

September 26, 2020 at 9:13 pm | by emanisa.lk

17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ 2001 චන්ද්‍රිකා-රනිල් ආණ්ඩුවේ රනිල් බලවත් කිරීමට බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එසේ ම මෛත්‍රී-රනිල් ආණ්ඩුව සමයේ නැවත රනිල් බලවත් කිරීම සඳහා 19 වෙනි සංශෝධනය ගෙන ආ බව ඔහු සඳහන් කරයි.

එහෙයින් 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවේ රටට යහපත කිරීමට නොව රනිල් ශක්තිමත් කිරීමට බව මහින්දානන්ද වැඩි දුරටත් පෙන්වා දෙයි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බලයකින් නොව 175කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් අනිවාර්යයෙන් දිනවන බව හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස