20 අරමුණ වේගවත් ආර්ථික සංවර්ධනයයි! රජය ජනමත විචාරණයකටත් සූදානම්!

September 29, 2020 at 11:24 am | by emanisa.lk

20 වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

නීතියට පිටින් කටයුතු කිරීමට රජය කිසිම අවස්ථාවක අදහස් නොකරන බවද ඔහු සඳහන් කළේය.

රජය අධිකරණයටද පාර්ලිමේන්තුවට ද ඉතා සාවධාන වන ඔහු පැවසීය.

ඇමතිවරයා තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය මගින් සිදුවන්නේ පැවැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යාම බවත් මෙහි මූලික අරමුණ වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස