20 සංශෝධන නැතිව සම්මත කරන්න බෑ ! ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ! ආණ්ඩුව යහමග යැවීම අපේ වගකීම! – ශ්‍රිලනිප

September 20, 2020 at 12:01 pm | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට ආණ්ඩු පක්ෂය තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

රටට අහිතකර ඇතැම් පුද්ගලයන් ද්විත්ව පුරවැසිභාවයද සහිතය පාර්ලිමේන්තුව ඇතුළු වීම ගැන යම් යම් සැක සංකා ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

ඇතැම් අයට ඇමතිකම් ලබාදීම සඳහා ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට නිවැරදි නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒම තම වගකීමක් යැයිද ඔහු කියා සිටියේය.

20 වැනි සංශෝධනය ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස