20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය! ද්විත්ව පුරවැසි නීතියත් අහෝසියි!

September 2, 2020 at 7:53 pm | by emanisa.lk

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද රාත්‍රී ප්‍රසිද්ධ කිරීමටද නියමිතය.

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා කිරීම හැරුණු කොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.

මේ අතර 20 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මත කර ගැනීම ප්‍රමාණවත් බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස