18 ගෙනාවේ මට ආයේ තරඟ කරන්න නෙමේ! – මහින්ද මුල් වරට හෙළි කරයි!

February 5, 2019 at 11:48 am | by admin

18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරය දෙවරක් දැරිය හැකි බවට තිබූ සීමාව ඉවත් කර දමන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේය. මහින්ද එම සංශෝධනය ගෙන ආවේ බල ලෝභීත්වයට බවටත් සදාකාලිකව බලයේ සිටීමට බවටත් 2015 ජනාධිපතිවරණ සමයේ දැඩිව විවේචනය කෙරිණි.

කෙසේ වුවද ඉන් වසර කිහිපයක් ගෙවී ගිය තැන ප්‍රායෝගික නිදසුන් ද ඇසුරින් මහින්ද රාජපක්ෂ පවසන්නේ වෙනස් කතාවකි. එනම් ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ අවසාන කාලය වන විට මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද නිසි ලෙස වැඩ නොකරන බවත් ඊට විසඳුමක් ලෙස එම සංශෝධනය ඉදිරිපත් කළ බවත්ය. වර්තමාන ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා යටතේ එම යථාර්ථය මැනවින් ප්‍රකට වන බව මහින්ද පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස