20 වෙනි සංශෝධනය එලෙසින්ම පාර්ලිමේන්තුවට! වාසු, විමල්, ගෙවිඳු, උදය, ප්‍රේමනාත් දැඩි ගැටුමක!

September 22, 2020 at 11:27 am | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එක් ස්ථාවරයක සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීන්දු කර තිබේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදීය.

20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් යම් උණුසුම්කාරී තත්ත්වයක් එහිදී මතුව තිබිණි.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, පේ‍්‍රමනාත් දොලවත්ත යන මැති ඇමතිවරුන් මෙම සංශෝධනයේ ඇති අහිතකර වගන්ති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් පළ කර ඇත.

තවත් පිරිසක් එම අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ 20 වන සංශෝධනයට අවශ්‍ය සංශෝධන ඇත්නම් ඒවා කාරක සභා අවස්ථාවේදී ඇතුළු කරන ලෙසය.

නමුත් අවසන් වශයෙන් ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එක මතයක සිටිය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබේ.

මෙම සංශෝධනයේ තාක්ෂණික දෝෂ කිහිපයක් මතු ව ඇතත් ඒවා නව ව්‍යවස්ථාවක් යටතේ නිවැරදි කළ යුතුව ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි එහිදී පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස