තානාපති නිලධාරිනියගේ පරීක්ෂණය ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නවා! – ස්විස් රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

December 17, 2019 at 5:20 pm | by emanisa.lk

අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා කරමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසු වන බව ස්විට්සර්ලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අදාළ නිලධාරිනියගේ පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙරට අධිකරණය සතු වගකිමක් බවද එමගින් අවධාරණය කරයි.

සිය තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය සිදුකරන බවත් පෙන්වා දෙන ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මධ්‍යස්ථ හා ඵලදායි මාර්ගයක් අපේක්ෂා කරන බවය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් ලෙස අදාළ නිලධාරිනියගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවාධානයක් යොමුකරන ලෙසද ඔවුන් එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා ඊයේ (16) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමූවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද එම නිවේදනයේ අවසන් වශයෙන් දක්වා තිබේ.

එම නිවේදනය මෙම සබැඳියෙන්…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස