බොරු මරණ තර්ජන පෙන්නා NGO කල්ලියක් යුරෝපයට පනින්න සූදානම්! කූට ලේඛන හදා වීසාත් අරන් ඉවරයි!

November 19, 2019 at 12:50 pm | by emanisa.lk

ව්‍යාජ මරණ තර්ජන පෙන්නුම් කරමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 10 ක් මෙරටින් විදේශගත වීමට වීසා බලපත් ලබාගෙන ඇත.

මෙම පිරිස ඊට අදාළව කූට ලේඛනයක්ද සකස් කර තිබේ. මොවුන් ස්විස්ටර්ලන්තය, ජර්මනිය, නෝර්වේ, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව යන රටවලට යෑමට තීරණය කර ඇත.

දැනටමත් එක් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙක් ඇමරිකාව බලා ගොස් ඇති අතර මෙම පිරිස ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවලට ලිපි යවමින් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති බවට දක්වා තිබේ.

2005 ජනපතිවරණයට පෙරද මේ අන්දමට මාධ්‍යවේදීන් යැයි හඳුන්වාගත් හයදෙනකු බොරු මරණ තර්ජන පෙන්නුම් කර ඇමරිකාවට ගොස් මාස හතරකට පසු ආපසු මෙරටට පැමිණ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස