ස්විස් තානාපති නිලධාරිනිය පැහැර ගත් බවට cctv දර්ශන නෑ!

December 5, 2019 at 9:59 am | by emanisa.lk

මේ වන විට ආන්දෝලයට ලක්ව ඇති ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් පැහැර ගෙන තර්ජනය කිරීම පිළිබඳ අදාළ තානාපති නිලධාරිනිය ලබා දුන් සාක්ෂි සහ සෙසු තාක්ෂණික කරුණු අතර දැඩි පරස්පරයක් ඇතැයි මෙයට පෙර වාර්තා විය.

මේ වන විට වාර්තා වන ආකාරයට අදාළ සිද්ධිය සම්බන්ධ කිසිදු හෝඩුවාවක් එම පැහැර ගැනීම සිදුවූ බව කියන තානාපති කාර්යාලය අවට කිසිදු cctv කැමරාවක සටහන්ව නොමැත.

මේ පිළිබඳ පොලිසියට මෙතෙක් පැමිණිලි කර නොමැති අතර හිටපු ඇමති රාජිත සේනාරත්න පසුගියදා මාධ්‍ය අමතමින් ඒ සිද්ධිය ඇසින් දුටු ආකාරයට විස්තර කරනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස