ආණ්ඩුවේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ ස්විස් තානාපති දණ ගසයි! පැහැරගත් බව කී නිලධාරිනිය කට උත්තර දෙන්න සූදානම්!

December 8, 2019 at 2:35 pm | by emanisa.lk

දැනට ස්විස් තානාපති භාරයේ එම තානාපති නිවාසයේ ඇතැයි විශ්වාස කරන පැහැරගත් බව කියන තානාපති කාර්යාල සේවිකාව කට උත්තරයක් ලබා දීමට සූදානම් බව වාර්තා වෙයි.

එහෙත් මුල් අවස්ථාවේ එම ඉල්ලීම ස්විස් තානාපතිවරයා ප්‍රතික්ෂේප කළ අතර ගිලන් ගුවන් යානයකින් සිය සේවිකාව ස්විස්ට්සර්ලන්තයට ගෙන යාමට උවමනා බව සඳහන් කළේය.

ඒ සඳහා සූරිච්හි වෙනම ගුවන් යානයක් ද සූදානම් කර තිබුණ ද ලංකා ආණ්ඩුව ඒ සඳහා ඉඩක් ලබා නොදුන් අතර හෙට (09) දිනයට පෙර සාක්ෂියක් ලබා දෙන අධිකරණය මගින් නියෝගයක් ද ලබා ගත්තේය.

මේ අනුව අදාළ සේවිකාව කට උත්තරයක් ලබා දීමට එකඟ වී ඇති අතර එය ලබාගත යුත්තේ තානාපති කාර්යාලයේ බවට ඔවුන් කොන්දේසියක් පනවා තිබේ.

වාර්තා වන ආකාරයට රජය එම කොන්දේසිය ද ප්‍රතික්ෂේප කර ඇති අතර අනෙක් පුරවැසියන් මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියකු වන මෙම කාන්තාව ද පොලිසියට ගොස් කට උත්තරයක් ලබාදිය යුතු බව පවසා තිබේ. කෙසේ වුවද මේ පිළිබඳ තවමත් සාකච්ඡා වන බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස