කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙමේ! මිනි මැරුවේ විමුක්තිය වෙනුවෙන්! – ස්විස් අධිකරණය තීන්දු කරයි….

December 4, 2019 at 9:46 pm | by emanisa.lk

එල්.ටී.ටී.ඊ සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව පවසමින් එම සංවිධානයට අරමුදල් රැස්කළ පුද්ගලයින් 12 දෙනෙකු නිදෙස් කොට නිදහස් කිරිමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ.

ස්විට්සර්ලන්තයේ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කරමින් 1999 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා කරමින් ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් එම පුද්ගලයින්ට එරෙහිව අධිචෝදනා ගොණු කර තිබුණි.

ගෝලීය දෙමළ සහයෝගිතා කමිටුව හරහා එල්.ටී.ටී.ඊ සංවිධානයට එම අරමුදල් රැස්කර ඇති බව සඳහන්ය.

එහෙත් ගෝලීය දෙමළ සහයෝගිතා කමිටුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සම්බන්ධතාවක් පවතින බවට තහවුරු කිරිමට තරම් සාක්ෂි නොමැති බවට එරට ෆෙඩරල් අධිකරණය විසින් පසුගියදා තින්දුවක් ලබාදී තිබුණි.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය යලි කරුණු ගොණු කර ඇත්තේ ගෝලීය දෙමළ සහයෝගිතා කමිටුව අපරාධ සංවිධානයකට සහයෝගය ලබාදි ඇති බවයි.

කෙසේ වෙතත් පෙර ලබාදුන් තීන්දුව මත රැදී සිටිමින් ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ එරට දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තියේ සදහන් වන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පිළිබඳ පමණක් බවත්, එම අරමුදල් රැස්කරන කාලසීමාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස හදුනාගෙන නොතිබූ බවත්ය.

ඒ අනුව අරමුදල් රැස්කළ පිරිස නීති උල්ලංඝණය කිරිමක් කර නොමැති අතර, එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත ප්‍රහාර සිදු කළ ද එම සංවිධානයේ මූලික අරමුණ වූයේ ජන වාර්ගීක කොටසකගේ ස්වාධිනත්වය වෙනුවෙන් පෙනී සිටිමට බව ද ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස