ස්විස් තානාපති නිලධාරිනිය පැහැර ගැනීම රටට කළු පැල්ලමක්! – සුදු වෑන් එකෙන් සජිත් ප්‍රේමදාස නැවතත් සළුවෙයි….

November 30, 2019 at 3:15 pm | by emanisa.lk

ස්විස් තානාපති නිලධාරිනියක පැහැර ගැනීම රටට කළු පැල්ලමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කළු පැල්ලමක් එක් කරන බවත්, එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අප රට කෙරෙහි ඇති කරන බවත් එහි සඳහන් වෙයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ ප්‍රථම වරටය.

එපමණක් නොව ජාතික වශයෙන් වැදගත් සිද්ධියක් පිළිබඳ ඔහු නිවේදනයක් නිකුත් කළේ ද ප්‍රථම වරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස