ස්විස් තානාපති උස්සපු නාඩගමත් රාජිතගේ වැඩක්!

December 7, 2019 at 1:38 pm | by emanisa.lk

කොළඹ ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ලාංකික නිලධාරිනියක පැහැර ගෙන යාම ද රාජිත සේනාරත්න විසින් ගෙතූ බොරුවක් බවට මේ වන විට සැක පළ වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ ලබා දුන් සාක්ෂි සහ තාක්ෂණික කරුණු පරස්පර වීමත් පැහැරගත් බව කියන ප්‍රදේශයේ cctv දර්ශනවල එවැනි කිසිවක් ඇතුළත් වී නොතිබීම ද විශේෂත්වයකි.

එසේම මේ පුවත මුලින්ම ප්‍රසිද්ධියට පත් කළේ රාජිත සේනාරත්න විසින් නඩත්තු කරන වෙබ් අඩවියක් මගින් වීම එම සැකය තීව්‍ර කරයි.

ස්විස් තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකු ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයකු සමග මෙම සිද්ධිය පිළිබඳ තමන් ද පුදුමයට පත්ව සිටින බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස