නිශාන්ත සිල්වා සිවිස් රටට ගෙන්න ගත්තේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා නඟන්නයි! – තමරා කුමානායගම්

December 12, 2019 at 9:38 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමරා කුමානායගම් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත.

නිශාන්ත සිල්වා සතුව වැදගත් ලිපිගොනු ඇති බව බටහිර රටවල් දන්නා බවත් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එල්ලකර ඇති චෝදනා සනාථ කිරීමට මේ ලිපිගොනු වැදගත් වෙනවා යැයි ඇය තවදුරටත් පැවසුවාය.

ස්විස් බලධාරීන් ඔහු ස්විට්සර්ලන්තයට ගෙනගියා මිස ඔහු පැනගියේ නැතැයි ද නිශාන්ත සිල්වා සතු අතිශයින් රහසිගත තොරතුරු ලබා ගැනීම එහි අරමුණ යැයි ද තමරා කුමානායගම් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස