ස්විස් එම්බසි කත පැහැරගත් චෝදනා බොරු බව සනාථයි! ශ්‍රියාලතා ගෙදර යවා ස්විස් සුදනා වෙන්න සූදානම්!

December 11, 2019 at 6:10 pm | by emanisa.lk

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා එල්ල කර සිටි ශ්‍රියාලතා පෙරේරාට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.

අදාළ සිදුවීම හේතුවෙන් තානාපති කාර්යාලයට ඇතිවී තිබෙන දේශීය හා ජාත්‍යන්තර අපවාදයෙන් ගැලවීම සඳහා එරට ආණ්ඩුවේ උපදෙස් මත මෙම දැනුම්දීම කර ඇතැයිද වාර්තා වේ.

ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා ෆ්‍රැන්සිස් විසින් එල්ල කළ චෝදනා අසත්‍ය බව පරීක්ෂණවලදී හෙළිව තිබීම මත ස්විස් රජය පත්ව තිබෙන අපහසුතාව සමනය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජයේ උපදෙස් අනුව බවද වාර්තා වෙයි.

ගානියා ෆ්‍රැන්සිස් නාමයෙන් පෙනී සිටිනා ශ්‍රියාලතා පෙරේරා දින තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන් අතර ඇයගේ ප්‍රකාශ දැඩි පරස්පර විරෝධි වීම හේතුවෙන් මෙම චෝදනාවේ සත්‍යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙන බවත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස