ගානියා බැරිස්ටර් ශ්‍රියාලතා අංගොඩ යවයි!

December 13, 2019 at 4:25 pm | by emanisa.lk

තමන් පැහැරගෙන පහර දී ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා එල්ල කළ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර් ශ‍්‍රියාලතා අද (13) දිනයේද රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබේ.

අද ඇය ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නේ පස්වැනි දිනයටයි. ස්විස් තානාපති කාර්යාලයට පැමිණ ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණයෙන් ඇගේ නීතීඥයා කළ ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප විය.

ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඈ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන යාමට නියමිතය. ඒ ඇගේ මානසික තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ලබාගන්නැයි අධිකරණය විසින් කරන ලද නියෝගය හේතුවෙනි.

ගානියාට රටින් පිටවීම දෙසැම්බර් 17 වන දින දක්වා තහනම් කිරීමට ද අධිකරණය ඊයේ නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස