ස්විස් තානාපති නාඩගම කෙබරයක්! බොරු කියමින් ඉහළ තානාපති නිලධාරිනුත් නොමග යවලා!

December 8, 2019 at 9:46 pm | by emanisa.lk

පසුගියදා පැහැර ගත් බවට චෝදනා කළ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ගාර්නියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

ඒ අදාළ සිදුවීමට දින 14කට පසුය. එහිදී මෙම කාන්තාව අදාළ සිද්ධිය සම්බන්ධව දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඉහළ පෙළේ තානාපති නිලධාරීන් පවා ඈ විසින් නොමග යවා ඇති බවට අද ලබා දුන් ප්‍රකාශය සමග සැක මතු වන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

අදාළ කාන්තාව පවසන ස්ථානයේ එවැනි කිසිදු පැහැර ගැනීමක් සිදුව නැති බවත් ඈ ආ ගිය ස්ථාන පිළිබඳ සියලු තොරතුරු CCTV කැමරා ඔස්සේ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකතු කර ගෙන ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වුවද තිස්ස අත්තනායක මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් මෙම සිදුවීම පිළිබඳ ලංකා ආණ්ඩුව චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස