ශ්‍රියාලතාට කටඋත්තර ලබාදී අසාධ්‍ය බව නීතිඥයා කියයි! එකතැන් වුණත් CIDයට යා යුතු බව විනිසුරු කියයි!

December 12, 2019 at 9:32 pm | by emanisa.lk

පැහර ගත් බව පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර්ගෙන් ස්විස් තානාපති කාර්යාලයේ දී කට උත්තර ලබා ගන්නා ලෙස ඇගේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය සේවාදායිකාව පැය විස්සක පමණ කාලයක් කට උත්තර ලබා දී අසනීප වී ඇති හෙයින් ස්විස් තානාපති කාර්යාලයේ දී ඉදිරි කට උත්තර ලබා ගැනීමට නියෝග කරන ලෙස කුමාරප්පෙරුම ඉල්ලා සිටියේය.

කෙසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඊට විරුද්ධ බව රජයේ නීතිඥවරයා පැවසූ අතර එක්තැන් වීමේ රෝගී අවස්ථාවක පවා එවැනි නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට අධිකරණයට නොහැකි බව විනිසුරුවරිය පෙන්වා දුන්නය.

එසේම ස්විස් තානාපති නිල නිවස ලංකා නීතිය බල නොපාන ජාත්‍යන්තර නීතිය බලාත්මක ස්ථානයක් බැවින් එහි දී කට උත්තර ලබා දීම ගැටලු ඇති කරවන දෙයක් විය හැකි බව ද සඳහන් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

එසේම ගානියා බැරිස්ටර්ට විදෙස්ගත වීම තව දුරටත් තහනම් කිරීමට ද විනිසුරුවරිය නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස