ස්විස් තානාපති වියනා සම්මුතිය බිඳිමින් එජාපයට කඩේ ගිය පුද්ගලයෙක්! මෛත්‍රී විසින් මහින්ද අගමැති කිරීමටත් විරුද්ධ වෙලා!

December 14, 2019 at 9:01 am | by emanisa.lk

මෙරට ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක්‌ බව රජය සොයාගෙන ඇත.

එම අර්බුදයට ඔහු ඍජුව මැදිහත් වුණා යැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම නිවැරදි ක්‍රියාවක්‌ නොවන බවට ස්‌විස්‌ තානාපති ප්‍රසිද්ධියේදී ප්‍රකාශ කළේය.

මේ නිසා තානාපති නිලධාරිනියගේ සිද්ධියේ පසුබිම හෙළි වී තිබෙනවා යෑයි එම ආරංචි මාර්ග පවසයි.

මේ නිසා ස්‌විස්‌ තානාපතිවරයා එක්‌ දේශපාලන පක්‍ෂයකට පමණක්‌ පක්‍ෂග්‍රාහීව ක්‍රියාකර ඇත.

ඔහුගේ මේ ක්‍රියාදාමය වියානා ගිවිසුම උල්ලංඝනය කිරීමක්‌ බව ආරංචි මාර්ග පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස