ස්විස් තානාපති සේවිකාව අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට! ලිංගික අතවරයක් හෝ පහර දීමක් සිදුවී දැයි සොයයි!

December 9, 2019 at 5:51 pm | by emanisa.lk

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම තැනැත්තිය ලිංගික අතවරකට හෝ පහර දීමකට ලක්ව තිබේදැයි වෛද්‍ය පරීක්ෂාවක් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කළාය.

මේ වන විටත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබා දී ඇති බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළද කාන්තා වෛද්‍ය නිලධාරිනියක නොසිටීම හේතුවෙන් ඇය වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වීමට අකමැති වූ බවද අධිකරණයට දන්වා සිටියාය.

ඒ අනුව කරුණු සලකා බැලූ මසේත්‍රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළාය. ලබන බ්‍රහස්පතින්දා (12) නැවැත මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස