විශිෂ්ට රාජාතාන්ත්‍රික මෙහෙයුම ඉදිරියේ ගානියා ශ්‍රියාලතා කුමන්ත්‍රණය පරදී! ස්විස් තානාපති ජනපති මැදුරටම පැමිණ සුබ පතා පිටව යයි!

December 17, 2019 at 7:50 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්‌පීටර් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

මෑතකදී ජනාධිපතිවරයා ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමා සහ තම රජය වෙනුවෙන් ජනාධිපති වෙත උණුසුම් සුබපැතුම් පළ කරමින් තානාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා “තමන් සියලු ශ්‍රී ලාංකියන්ගේ ජනපති” යැයි පැවසීම විශේෂයෙන් අගය කරන බවයි.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීය ලෙස බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මොක් ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවය.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ස්විට්සර්ලන්ත තානාපති අංශ පිළිබඳ කිසිදු සැකයක් හෝ අහිතක් නොමැති බවත් අගතියට පත් වූයේ යැයි කියන සිය සේවිකාව පිළිබඳ සොයා බැලීම ඔවුන්ගේ වගකීමක් බවත්ය.

කෙසේ වුවද එවැනි පැහැර ගැනීමක් සිදු නොවූ බව මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව පැහැදිලි වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස