ස්විස් තානාපති කාර්යාලයට ගෝඨා සුදු වෑන් එවලා! ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනට එරෙහි වෙනවා! – ජවිපෙ

December 5, 2019 at 12:33 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඉතා ඉක්මනින් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තහවුරු කර දෙන බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ඒ සඳහා තම පක්ෂයේ මැදිහත් වන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

නව රජය පත්වී දින කිහිපයක් ඇතුලත ස්විට්රේලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යාම, හමුදාවට පොලිස් බලතල ලබාදීම, විකල්ප මාධ්‍ය ධාරාවන්ට තර්ජනය කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ සිදුව ඇති බව ඔහු එහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස