ස්විස් තානාපති නිලධාරිය රැගෙන යන්න ගිලන් ගුවන් යානය සුරිච් ගුවන්තොටේ!

December 7, 2019 at 9:20 am | by emanisa.lk

පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනි ජී. ප්‍රැන්සිස්‌ නමැත්තිය ඇතුළු පවුලේ අය ගෙනයැම සඳහා ස්‌විස්‌ එයාර් ගිලන් ගුවන් යානාවක්‌ සුරිච් ගුවන්තොටුපළේ සූදානම් කර ඇත. මේ බව සුරිච් ගුවන්තොටුපළේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ හෙළි කළහ.

මෙම යානාවට කටුනායක ගුවන්තොටුපළට ඒම සඳහා පැය 10 1/2 ක්‌ ගත වේ.

එම තානාපති නිලධාරිනිය ස්‌විස්‌ටර්ලන්තයට එවන ලෙස ස්‌විස්‌ රාජ්‍ය ලේකම්වරිය වූ මේරිස්‌ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයට උපදෙස්‌ දී ඇත.

එහෙත් මෙම ස්‌විස්‌ යානාවට කටුනායකට පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ දක්‌වාම අවසර දී නැත.

ජී ප්‍රැන්සිස්‌ නමැත්තියට මෙරටින් පිටවීම දෙසැම්බර් 9 දා දක්‌වා තහනම් වී ඇත.

මේ අතර ඇය මේ දක්‌වාම රහස්‌ පොලිසියට පැමිණ සිදුවූ බව කියන සිද්ධිය ගැන කටඋත්තරයක්‌ දී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස