දේශපාලකයන්ගේ ලිපිවලට කොටි හිතවාදීන්ට ස්විස් රටේ පිං පඩි සමග රැකවරණ!

March 18, 2019 at 5:33 pm | by admin

ආරක්‍ෂක අංශවලින් හෝ රජයෙන් මරණීය තර්ජන එල්ල නොවූ ද්‍රවිඩයන් 759 කට ස්විස්සර්ලන්ත රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත.

ජිනීවා සංක‍්‍රමණික කාර්යාලයේ ආරංචි මාර්ග පැවසුවේ ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ ලිපිවලට මොවුන්ට දේශපාලන රැකවරණ ලැබී ඇති බවයි.

මෙම ද්‍රවිඩයන් කවුදැයි අනාවරණය කිරීම ස්විස් රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

දේශපාලන රැකවරණ ලැබූවන් අතර කොටි හිතවාදීන් රැසක් ද සිටින බව එම ආරංචි මාර්ග කියා සිටියි.

ස්විස් රජය කොටි සංවිධානය තහනම් කර නැති නිසා මෙම ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන්ට දේශපාලන රැකවරණ ලබාදීමට එකඟ වී ඇත.

මෙලෙස දේශපාලන රැකවරණ ලැබූවන්ට මසකට ෆ‍්‍රෑන්ක් 300 සිට 400 දක්වා පිං පඩියක් ද හිමිවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස