ස්විස් තානාපති කත දෙමළ නෙමෙයි! බෝන් එගේන් වැළඳගත් ශ්‍රියාලතා පෙරේරා!

December 9, 2019 at 10:59 pm | by emanisa.lk

පැහරගත් බවට චෝදනා නැඟුණු ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යනු දෙමළ කාන්තාවක් බව මෙයට පෙර වාර්තා වී තිබිණි.

කෙසේ වුවද මෙම කාන්තාව දෙමළ කාන්තාවක් නොව බෝන් අගේන් නම් අන්තවාදී ක්‍රිස්තියානි ආගමික නිකායට බැඳුණු කැලණිය ප්‍රදේශයේ ශ්‍රීයාලතා පෙරේරා නම් බෞද්ධ කාන්තාවක බවට සමාජ මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් කල් රහසක්ව පැවති අගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග මෙම අදහස් පළ වී තිබේ.

එසේම එක්සත් ජාතික පක්ෂ හිටපු කැලණිය සංවිධායකවරයකු මෙම කාන්තාවගේ මාමා වන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි. සුප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලාන්ත මාලගමුව ඝාතනය කිරීමට පාතාළයට කොන්ත්‍රාත්තුවක් දුන් බවට ද මොහුට චෝදනා එල්ල විය.

මෙම කාන්තාව වෙනුවෙන් පෙනී සිටීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මංජුල නම් පුද්ගලයාගේ වාසගම ද පෙරේරා වන අතර ඔහු පැමිණි මෝටර් රථය ලියාපදිංචි කර ඇත්තේ වසර ගණනකට පෙර අදාළ දේශපාලකයා කුළියට සිටි නිවසේ ලිපිනයට බව ද සමාජ මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස