ජනාධිපතිවරණයෙන් පසු හැමෝටම සමෘද්ධිය දෙනවා! ඇමති දයා සමෘද්ධි අල්ලස් බෙදමින් ඡන්ද හිඟමනේ!

October 29, 2019 at 12:38 pm | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් පසුව සියලුම ජනතාවට සමෘද්ධි සහානාධාරය ලබා දෙන බව පවසා සකස් කෙරුණු පත්‍රිකා මාතලේ දිස්ත්‍රික්කයේ බෙදාහරිමින් මැතිවරණ නීති රීති උල්ලංඝනය බවට ඇමති දයා ගමගේට එරෙහිව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය දයා ගමගේට එරෙහිව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් කියාසිටියේ මෙය මැතිවරණ අල්ලස් ලබාදීමක් බවත්, මාතලේ දිස්ත්‍රික්කය පුරා මෙම පත්‍රිකා බෙහැරීමේ සූදානමක් පවතින බවත්, මේ වන විට දඹුල්ල ආසනයේ ප්‍රදේශ කිහිපයක බෙදා හැර ඇති බවත්ය.

මේ පිළිබඳව වහා මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස