උදේම කාර්යාලයට ඇවිත් බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් වැඩට ආවාද කියලා මම බලාගන්නවා! – සජිත්

October 16, 2019 at 8:05 am | by emanisa.lk

තමා ජනාධිපති ධුරයට පත්වී සමෘද්ධි සහනාධාරය පමණක් නොව රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ජනසවිය ද නැවත ලබා දෙන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේම සෑම පාසල් දරුවකුටම නිල ඇඳුම් දෙකක් සහ සියලුම පාසල් දරුවන් සඳහා දිවා ආහාරය නොමිලේ ලබා දීමට තමා කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

වතු කම්කරු ජනතාවට ඉඩම් නිවාස සහ කුඩා තේ වතු ලබා දී කම්කරුවන් නොව ව්‍යවසායකයන් බවට පත්කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කළේය.

වර්තමාන වතු කම්කරු වැටුප නින්දිත බවත් අභිමාණවත් ජීවිතයක් ගතකිරීමට හැකි පරිදි කම්කරු වැටුප වැඩි කරන බවත් හෙතෙම පැවසීිය.

එසේම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් හදන බවත් එමගින් උදෑසන කාර්යාලයට එන තමන්ට නවීන තාක්ෂණය ඔස්සේ බොත්තමක් ඔබා නිසි ලෙස බෙහෙත් ටික ලැබෙනවාද පවුල් සෞඛ්‍ය සේවිකාව සේවයට වාර්තා කළේ ද යන්න දැනගත හැකි බව ද හෙතෙම හෙළි කළේය.

මෙම පොරොන්දු දෙන්නේ කියන දෙන කරන කරන දේ කියන සජිත් ප්‍රේමදාස බව ද හෙතෙම අවධාරණය කළේය. ඊයේ (15) ජනහමු කිහිපයකට සහභාගී වෙමින් හෙතෙම මෙම කරුණු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස