උතුරට සංවර්ධනය ගෙනාවෙි මහින්ද රාජපක්ෂයි!

March 26, 2019 at 5:28 am | by admin

නිදහසෙන් පස්සේ උතුරට සංවර්ධනයේ අරුනලු රැගෙන ගියේ මහින්ද රාජපක්ෂ යුගයේදි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

“උතුරේ සයනයිඩ් කරලක් එල්ලගෙන පිටේ ටී56 එල්ලගෙන හිටපු දරුවන්ට, පොත් බෑග් අරගෙන ඉස්කෝලෙ යන්න අපි අවස්ථාව ලබා දුන්නා. අද ඔහුන් කුප්පි ලාම්පුව වෙනුවට විදුලි බුබුලෙන් අධ්‍යාපනය ලබනවා. පාසැල් සහ රෝහල් සියල්ල විවෘත කළා. ගොවිතැනට අවශ්‍ය වතුර පොම්පයට ඕන භූමි තෙල් ටික ඩීසල් ටික අද ගන්න පුළුවන්.”

“ගොවිජන සේවා කාර්යාල ඇතුළු සෑම රජයේ කාර්යාලයක්ම අපි විවෘත කලා. යාල්දේවි දුම්රිය නැවත යාපනයට ගියා.. ඒ වගේම සියළු මාර්ග විවෘත කළා විතරක් නෙවෙයි ඉතාම නවීන ක්‍රමයට හැදුව. ඉරණමඩු ජලාශය ඇතුළුව සියලුම වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කලා. ඒ වගේම ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍ය සියලු දේවල් දුන්න. බිම් බෝම්බ අතුරපු භූමිය ගොවි බිමක් කලා. උතුරට සමෘද්ධිය දීල තිබුනෙ නෑ.. අපි ඒක නැවත ලබා දුන්නා.“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස