බලය බෙදන්න බෑ. බලය එකතු කර ජනතාව සමෘද්ධිමත් කරනු!

January 25, 2019 at 6:09 pm | by admin

රාජ්‍යයක් පවත්වා ගෙන යාමට නම් බලය කේන්ද්‍රගතව තිබිය යුතු බව පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැඳවා තිබූ ජාතික නියෝජිත සමුළුවට එක්වෙමිනි.

අද වන විට ලෝකයේ සෑම තැනකම අවධානයට ලක්ව ඇත්තේ බලය බෙදීම වන බවත්, බලය කිසිදා බෙදිය නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

බලය බෙදපු ගමන් නැති වී යන බව ද පැවසු ධම්මරතන හිමියන් බලය යනු එකතු වී ගොඩ නඟා ගන්නා දෙයක් බව ද සඳහන් කළේය.

ආණ්ඩුවක් සතුව බලයක් තිබිය යුතු බවත්, බලය එකතු කරමින් මිනිසුන්ට අයිතීන් හා සම්පත් බෙදා දිය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්පත් යනු භූමියක් නොවන බවත්, මහ පොළොවේ අයිතිය ඇත්තේ රාජ්‍යයට බවත් බලය එකට එකතු වන විට රාජ්‍ය විසින් භූමිය පාලනය කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *