සිරිකොතේ ලයිට් බිල් ගෙව්වාට සලකන්න මහජන ධනය නාස්ති කරන්න එපා! – අනුර දිසානායක

June 27, 2019 at 4:40 pm | by emanisa.lk

දුෂ්කර කාලයේ සිරිකොත විදුලි බිල ගෙවීමට කෘතගුණ දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ රජය සතු ලාභ ලබන ආයතනයක් වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඇමති දයා ගමගේට ලබා දීමට සූදානම් වන්නේ යැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

සිරිකොත ලයිට් බිල ගෙවීම පෞද්ගලික කරුණක් බවත් ඒවා පෞද්ගලිකව බේරා ගනු මිස මහජන දේපළ යොදා නොගත යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඇමති දයා ගමගේ විසින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ ප්‍රචාරක කටයුතුවලට රු. ලක්ෂ 3000ක් යොදා ගැනීම පිළිබඳ ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්නවලට මෙතෙක් පිළිතුරු ලබා නොදීම පිළිබඳ අද (27) පාර්ලිමේන්තුවේ දී විරෝධය පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස