අපි සමෘද්ධිය ලබා දෙන්නේ එදා දේශපාලන අතකොළු නොවූ අයටයි! – තලතා

June 25, 2019 at 7:53 am | by emanisa.lk

මේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි, එදා දේශපාලන අතකොලු බවට පත් නොවුණු නිසා සමෘද්ධිය නොලැබුණු මිනිසුන් වෙනුවෙන් බව ඇමතිනී තලතා අතුකෝරල ප්‍රකාශ කරයි.

අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළේ පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව සමෘද්ධි සහනාධාර හිමිකම්පත් බෙදාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

“පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබාදීම සඳහා මුලිකත්වය ගත් දයා ගමගේ අමාත්‍යතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මේක පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා මේක දුන්නේ ජනසවිය නමින්. එදා දේශපාලන භේදයෙන් තොරව සුදුසු අයට ජනසවිය දුන්නා.
1994න් පස්සේ මේ ව්‍යාපාරය දේශපාලනීකරණය වුනා. අද මෙතන ඉස්සරහා ඉන්නේ දේශපාලනීකරණයෙන් තොරවයි. එදා යූ. එන්. පී, ජේ. වී. පී අයට සමෘද්ධිය අහිමි වුණා. එකම සුදුසුකම වුනේ හිතවත්කමයි. මෙක මෙහෙයවපු නිලධාරීන් දේශපාලනය හරහා මෙහෙයවන්න ක්‍රියා කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස