ආණ්ඩුව ඇල්පිටියේ මැතිවරණ නීති උල්ලංඝනය කරයි! ඡන්ද කටේ ඉඩම් සමෘද්ධිය අල්ලස් හතර අතේ බෙදයි!

September 4, 2019 at 9:05 am | by emanisa.lk

ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ කටයුතු කරන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ පිරිසක් විසින් ඊයේ (03) ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ. චන්ද්‍රලාල් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී එක්සත් ජාතික පක්ෂය ඡන්දදායකයින්ට විවිධ දේවල් බෙදාදෙන බව කියමින් ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක වත්මන් ආණ්ඩුවේ ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත් වලහන්දූව වත්තේ ඉඩම් කැබලි ලබාදීමට සහ ඉදිරි සතියේ සමෘද්ධි සහනාධාර ලබාදීමට කටයුතු කරමින් ඇති බවද එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බවද පවසති.

මෙහිදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මැතිවරණය සඳහා රජයේ දේපළ යොදා ගැනීමට ඉඩ නොදෙන අතර මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට විරුද්ධව සියයට සියයක් නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස